සැදැහැවත් පින්වත්නි,
දහම් පිපාසිතව සිටි මා ඉතා ආශාවෙන් බුදුරජුන්ගේ ධර්මය ඉගෙන ගත්තා. උන්වහන්සේ කෙරෙහි මහත් පැහැදීමක් ඇතිවුණා. එනිසාම අන් අයටත් ධර්මය ඔවුන්ගේම භාෂාවෙන් කියාදෙන්නට මා උනන්දු වුණා. එහි ප‍්‍රතිඵලය මහමෙව්නාව අසපුව බිහිවීමයි. මේ වන විට ලොව පුරා විසිරී සිටින සැදැහැවත් ඔබගේ දහම් පිපාසය නිවාලන්නේ මහමෙව්නාව අසපුව තුළිනි.
අප ඉතා ආදරයෙන් සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ උතුම් සම්මා සම්බෝධියට පැමිණ මෙම වෙසක් පුන් පොහොය වන විට දෙදහස් හයසිය වසර සපිරේ. උන්වහන්සේගේ ඒ අත්‍යුත්තම සම්බුද්ධත්වයට උපහාර පිණිස අසදෘස විහාර මන්දිරයක් ශ‍්‍රී සම්බුද්ධ රාජ මාළිගාව නමින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතී.
ත්‍රිමාන වීඩියෝ දර්ශනය
මාගේ පැතුම වී තිබෙන්නේ වසරක් ඇතුළත මෙම සම්බුද්ධ රාජ මාළිගාව නිමා කොට ලබන වසරේ වෙසක් පුන් පොහෝ දින ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කිරීමටයි. උතුම් බුදු නුවණේ පිළිසරණෙන් ශ‍්‍රද්ධාවට පැමිණි ඔබට මෙම උපහාර පූජාවේ කොටස්කරුවෙකු විය හැකිය. මෙය ඔබ ලබන දුර්ලභ අවස්ථාවකි.
ශ‍්‍රී සම්බුද්ධ රාජ මාළිගාවේ මූලික කටයුතු දැනටමත් ආරම්භ වී ඇත. මෙහිලා එහි ඉදිරි කටයුතු එකිනෙක පෙළගස්වන අතර ඔබට එයින් කැමති කොටසක් භාරගත හැකිය. එහි ඔබ භාරගන්නා කොටසත්, ඔබේ නම සහ ලිපිනයත් අප මෙම වෙබ් අඩවියේ පළකරන්නේ ඔබට පින් අනුමෝදන් කරගැනීම පිණිසයි.
2600 ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනු වස් අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මෙය උපහාර පූජාවක් වේවා!
මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
![]() |
|||
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |















