isß f.!;u fndaê uKavmh
f.!;u nqÿrcdKka jykafia Wfoid mQcdlsÍfï mqKHufyda;aijh
මින් වසර දෙදහස් හයසියයකට පෙර වෙසක් පුන් පොහෝ දා නේරංජරා නදී තෙර ඇසතු බෝ රුක් සෙවණේ වජ‍්‍රාසනය මත වැඩහිඳ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජෝපහාර දක්වනු වස් පරිවාර බෝධින් වහන්සේලා සහිතව පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ඉදිවූ සිරි ගෞතම බෝධි මණ්ඩපය ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාකිරීමේ පුණ්‍යමහෝත්සවයේ සොඳුරු දසුන් පෙළ…. (2011 දෙසැම්බර් මස 10 වැනි දින)
107 Photos
isß f.!;u oïila uyd iEh
ශ‍්‍රීමත් සුගත තථාගත අප සම්මා සම්බුදුරජුන් මින් වසර දෙදහස් හයසියයකට පෙර වෙසක් පුන් පොහෝ දා ශ‍්‍රී සම්බුද්ධත්වයට පත් ව ඇසළ පුන් පොහෝදා දස දහසක් ලෝක ධාතූන් කම්පා කරවමින් ධර්ම චක‍්‍රය ප‍්‍රවර්තනය කිරීමෙන් ආර්ය සංඝයා බිහි කොට ගෞතම බුදු සසුන දෙව් මිනිස් ලොවෙහි මැනැවින් ඉස්මතු කළ හෙයින් එයට උපහාර දක්වනු පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සිරි ගෞතම දම්සක් මහා සෑය නිමවා 2011 ඇසළ පුන් පොහෝ දින (2011/07/14) ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත සාදර ගෞරවයෙන් යුතුව පූජා කළ අයුරු…
201 Photos
isß f.!;u iïnqÿ uyd iEh
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ 2600 වැනි උතුම් ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනු වස් මහනුවර, සෙංකඩගල පුරවරයෙහි පිහිටි කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදිවූ සිරි ගෞතම සම්බුදු මහා සෑය 2011 වෙසක් පුන් පොහෝ දින දෙව් මිනිසුන්ගේ වන්දනාමාන උදෙසා නිරාවරණය වූ වගයි…
ඒ මහා පින්කමේ සොඳුරු දසුන් පෙළ….
මහා සෑ තනවා භාග්‍යවතුන් වහන්සේ පිදීමෙන් රැස් වූ සියලු පින් සියල්ලෝම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා…!!!
240 Photos
Y%S iïnqoaO rdc ud,s.dj iy ch YS% uyd fndaê uKavmh i|yd ux., Ys,d m%;sIaGdmkh lsÍfï mqKHufyda;aijh
අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 2600 වෙනි සම්බුද්ධව ජයන්තිය සිහිකරනු වස් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවෙන ශ්‍රී සම්බුද්ධරාජ මාලිගාව සහ ජය ශ්‍රී මහා බෝධි මණ්ඩපය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පුණ්‍යමහෝත්සවයේ සොඳුරු දසුන්… (2011 පෙබරවාරි 06)
74 Photos
nqÿ /ia úysfok
fidaudj;sh uy iE jkaokdj'''
අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩසිටින සෝමාවතිය මහා සෑ රජුන් අභියස 2010 මැයි මස 08 වෙනිදා රැය පහන් වනතුරු පැවති මහා වන්දනාමය පිංකමේ සොඳුරු දසුන් පෙළ….
පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙය වූ මෙම මහා සෑ වන්දනාවට දිවයිනේ නොයෙක් දෙසින් මහා සංඝරත්නය සහ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් සහභාගී වූ අතර, මෙම මහා සෑ වන්දනාවෙන් අපමණ පින්ඵල නෙලාගන්නට වාසනාව උදාකරගත්හ. භාග්‍යවතුන් වහන්සේගේ දකුණු ශ්‍රී දන්තධාතූන් වහන්සේ වැඩසිටින බුදුරැස් විහිදෙන අසිරිමත් සෝමාවතිය මහා සෑ වන්දනාවෙන් රැස් වූ සියලු පින් සියල්ලෝම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා…!!!
264 Photos
wisßu;a iaj¾Kud,S uyd iE jkaokdj'''
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා දරා වැඩසිටින, අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ රජුන් අභියසදී, 2008 පෙබරවාරි මස 02 වැනි දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන්, ලක්ෂ 10ක ට අධික සැදැහැවත් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති අසදෘශ පින්කම් මාලාව, රටට ආශීර්වාදයක් වෙමින් එදින රැය පහන්වන තුරාවටම පැවැත්විණි.
චෛත්‍ය රාජයාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයට විදුලි බුබුළු වලින් ආලෝකමත් කරමින්, ෂඩ් වර්‍ණ බෞද්ධ ධජයන්ගෙන් පේසාවලලු සරසවමින්, ලක්ෂ සංඛ්‍යාත සුවද මලින්, සුවද දුමින් පුදමින්…. සිදුකෙරුනු මෙම උතුම් බුද්ධ වන්දනාව, චෛත්‍ය වන්දනා, පිරිත් සජ්ඣායනා, ධර්ම දේශනා, කිරිපිඩු සම්බුද්ධ පූජාව ඇතුළු නොයෙකුත් පින්කම් වලින් සමන්විත විය. ස්වර්ණමාලි මහා සෑ රජුන් අභියස පවත්වන ලද මෙම බුද්ධාභිවන්දනාමය පින්කමෙන් රැස්වූ සියලු පින් ඔබ සියළුදෙනාත් සතුටින් අනුමෝදන් වෙත්වා…!
60 Photos
